Malignant ( 2021 ) Hdrip

 🛡️ Language = English 

🛡️ Running time = 1h 52m

🛡️ lMDB = 6.3/10

🛡️Year = 2021

´´⁣මෙලොව සියළු දරුවෙකුටම මව් සෙනෙහස ඇවැසිය.´´

මේ චිත්‍රපටය මමත් එනකම් බලන් හිටිය චිත්‍රපටයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඔබ අප කවුරුත් දන්න #Conjuring චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ #jamesswan විසින්. ඒ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනි. #Anabellewallis , ingridBisu , #MarinaMazepa , MckennaGrace යන අය මෙහි ප්‍රධාන රංගනයේ නියලෙනවා.

⚠️️ කුඩා දරුවන් හා සුළු දේටත් බියට පත්වෙන අය නැරඹීමෙන් වලකින්න. හැබැයි මේ කතාව රෑට බලනවා නම් නියමයි. ⚠️️

▫️ කතාව ▫️️

මැඩිසන් කියන්නේ රෝහලක වැඩ කරන කාන්තාවක්. ඒවගේම ඇය ගැබ් ගෙන සිටිනවා. ඇයගේ සැමියා කමකට නැති එකෙක් කිව්වොත් නිවැරදියි. මේ සැමියා ගේ පහර දීම් හා හිංසා පීඩනයන් නිසාම මීට පෙර ඇයට ගබ්සාවීම් 3 ක් සිදුවෙලා තියෙනවා. ඇය කාලය ගෙවන්නේ දුකෙන්.

දිනක් මොවුන්ගේ ගෙදර අමුතු දෙයක් සිදු වෙනවා. ඒ මැඩිසන්ගේ නොසන්ඩාල සැමියා කුරිරු ලෙස කෙනෙක් ඝාතනය කරනවා. ඉතිං මේ ඝාතකයා මැඩිසන් පසු පස හබායාමේදී මැඩිසන්ගේ ඔලුව වැදිලා සිහිය නැතිවෙනවා. ඇය නැවත අවදි වෙද්දි ඇයට දැන ගන්න ලැබෙනවා නැවත වරක් ඇගේ ළමයා නැති වෙලා කියලා. මේ හේතුව නිසාම ඇය දැඩි කම්පනයකට ලක්වෙනවා.ටික දවසක් යද්දි මේ ඝාතකයා තවත් මිනිමැරීම් වගයක් සිදු කරනවා. දැන් තමා හොඳම කෙළිය. මැඩිසන්ට මේ සිද්ධි සියල්ල සඡීවීව පේන්න පටං ගන්නවා. කොහොමද මේ දේ සිදු වුනේ....? මැඩිසන් හා මේ ඝාතකයා අතර තියෙන සම්බන්ධය මොකක්ද ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න. 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙡𝙞𝙣𝙠 👇🎬

• චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න එක් වන්න අප සමඟ ★ ⭐ රූපාවලෝකන  ⭐


( Admin | ShenKevin |🔥 #DGL 🔥 )

Comments

Popular Posts